වර්ෂ 2023 ක්වූ October 04 වැනිදා Wednesday
නොවෙනස් වීම් වෙනස් වෙනතුරා

වන සංරක්ෂණ නිලධාරියෙකු ලෙස සේවය කරන භූපති මාරසිංහ 38 වියැති එක් දරු පියෙකි. ඔහුගේ බිරිඳවන රේණු 33 වියැති උපාධිධාරිණියකි. ඇය පෞද්ගලික සමාගමක සේවය කරයි. ඔවුනගේ එකම දරුවා වූ මේඝ වසර පහ සම්පූර්ණ වීමත් සමඟම, පාසැලකට ඇතුළත් කිරීම සඳහා ප්‍රදේශයේ පාසැල් කිහිපයකට අයැදුම්පත් යොමුකරයි. මේඝ තමාට නුපුරුදු අය සමඟින් කතා නොකරන හේතුවෙන්, සියලු සම්මුඛ පරීක්ෂණවලින් ඔහු අසමත් වෙයි. මේඝට කිසිදු පාසැලක් නොලැබී යයි. මේ හේතුවෙන් රේණු සහ භූපති අතර මතබේද ඇති වී දෙදෙනා තවකාලිකව වෙන් වේ. රේණු සිය දෙමව්පියන් වෙත යන අතර, භූපති, දරුවාද රැගෙන තමා සේවය කරන අඩවි වන නිවහන වෙත යයි.
පවතින අධ්‍යාපන ක්‍රමය පිළිබඳව දැඩි කම්පනයකින් සිටින භූපති යම් සැලසුමක් ක්‍රියාත්මක කරයි. ඔහු අධ්‍යාපන ඇමැතිතුමාගේ එකම දියණිය වූ පවනිව පැහැර ගනී. අනතුරුව භූපති අධ්‍යාපන අමාත්‍යංශය වෙත කොන්දේසි මාලාවක් සහිත ලිපියක් යොමු කරයි. එයට අමතරව කොළඹ නගරය පුරා අලුත් අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යය යැයි සඳහන් පෝස්ටර් මෙහෙයුමක් දියත් කරයි. පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීමේදී තෑගි මුදල් ලබා නොගැනීම, පරීක්ෂණ නොපැවැත්වීම වැනි මූලික කොන්දේසි ඉටු කරනා බවට අධ්‍යාපන ඇමැතිවරයා විසින් නිල ප්‍රකාශයක් කළහොත්, සිය දියණිය නිදහස් කරන බවට භූපති දැනුම් දෙයි. නිලබලය මැරබලය යොදන ඇමතිවරයා සිය දියණිය නිදහස් කර ගනී. පැහැර ගැනීමේ චෝදනාවට භූපති සිර දඬුවමකට යටත් වේ. තමාව පැහැරගත්තේ භූපති දැයි අසනා පැනයට පවනි නිරුත්තර වෙයි. භූපති රේණු යළි එක්වේද ? මේඝ ගේ අනාගතය කෙලෙස විසඳේද අධ්‍යාපන ක්රමයේ වෙනසක් සිදුවේද යන පැනයන්ට පිළිතුරු සන්කරමි තුළින් ඔබට පවසාවී
වේදිකාවෙන් රංගනයට අත්පොත් තැබු ශ්‍යාම් ප්‍රනාන්දුව සිනමා ප්‍රේක්ෂකයා විසින් හඳුනාගනු ලබන්නේ, “ඔබ නැතිව එක්ක” චිත්‍රපටයේ කළ රංගනයත් සමඟිනි. එනමුදු ඔහු සිනමා ක්ෂේ්ත්රයට එක්වන්නේ “බොර දිය පොකුණ” චිත්‍රපටයෙනි. මේ වන විට ජනප්‍රිය තලයේ වේදිකා නාට්‍ය රැසකට සිය රංගන දායකත්වය ලබා දුන් ශ්‍යාම් ප්‍රනාන්දු නම් ප්‍රතිභා පූර්ණ රංගනවේදියා තමන් විසින්ම ලියූ තිරපිටපතක් අධ්‍යක්ෂණය කරමින් චිත්‍රපට අධ්යක්ෂවරයකු ලෙස දොරට වඩින්නේ, “සන්කරමි” චිත්‍රපටයෙනි.
සන්කරමි චිත්‍රපටයේ කාර්මික දායකත්වය
තිර රචනය සහ අධ්‍යක්ෂණය -
ශ්‍යාම් ප්‍රනාන්දු
නිෂ්පාදනය - ක්‍රිශාන්ති එලිසබෙත්, අසිත සිල්වා, ශ්‍යාම් ප්‍රනාන්දු
සහය අධ්‍යක්ෂණය - සොඳුරු ලොකුපෝතාගම, ශ්‍යාමිලා නිමන්ති
කැමරා අධ්‍යක්ෂණය
නාමාවලි සැකසුම හා දෘශ්‍ය ප්‍රයෝග
කැමරා සහය - ශිහාර ඕෂ
සංස්කරණය - අකිල සමේන්ද්‍ර
වර්ණ සංයෝජනය - අසංක වික්‍රමසිරි
ශබ්ද සැලසුම්කරණය - සශික රුවන් මාරසිංහ
නිෂ්පාදන කළමණාකරණය - ගංගීත් චන්ද්‍රතිලක
නිෂ්පාදන විධායක - ජෝ දිසානායක
අංග රචනය - ප්‍රියන්ත දිසානායක, සහය - ශානික විරාජ්, මෙෂාන් හේවාපන්න
නිෂ්පාදන සැලසුම සහ කලා අධ්‍යක්ෂණය - දිනිති සල්ගාදු
කලා සහය - ශාන්ත ප්‍රනාන්දු, අචිනි කෞෂල්‍යා, අමිත් සන්ජය, සුරේෂ් සංජීව, නිපුණි තාරකා, දිනිති ගීතිකා, ප්‍රදීප් නදීශාන්, රයන් චානුක, ජූඩ් සල්ගාදු, සචින් සල්ගාදු, ෂෙරීන් පීරිස්
සංගීත අධ්‍යක්ෂණය සහ ගී තනු නිර්මාණ - කෙවින් තමෙල්
ගී පද රචනා - පභාෂිණී හේරත්
ගීත ගායනය - නිපුනි හේරත්, මියුරු සෝමරත්න
නිශ්චල ඡායාරූප - ශිහාර ඕෂ
උපසිරැසි - නාද්‍යා බිම්හානි පෙරේරා
ඇඳුම් නිර්මාණය - සඳුනි ජයසේකර, සහය: ශාන් ඉඳුනිල්
අමතර ශබ්ද ප්‍රයෝග - ඩබ්.ජී.පොඩිරත්න, සහය : අරුණ සංජය
කැමරා නාභිගත කිරීම - රංජිත් රූපසිංහ
ආලෝකකරණ සහය - පසිඳු ඒකනායක, දිනෙත් අලහාකෝන්, මලිත අත්තනායක
නිෂ්පාදන සහය - නිතිනි කාවින්ද්‍යා, කලණ ප්‍රභාත්, දිලීප් ලක්ෂාන්, ප්‍රියන්ත පෙරේරා, සමන් කුමාර
තිර රචනා අධීක්ෂණය - නලින් ලුසේනා, නිම්න දෙව්පුර
සන්කරමි චිත්‍රපටයේ රංගන දායකත්වය
මයුර පෙරේරා, මොහාන් රාජ් මඩවල, තරුෂි කරුණාරත්න, උමා අසේනි, චින්තක වාස්, රංගි රාජපක්ෂ, ශෝන් නාතන්, තුමිත ප්‍රනාන්දු (ළමා), දුලාජ් දිල්ශාන්, දයාදේව එදිරිසිංහ, නදීශානි පේළිආරච්චි, විල්ෆෙඩ් ප්‍රනාන්දු, දුලානි ජයසූරිය, චරින්ද්‍ර චන්ද්‍රසේන, බිම්සරා ප්‍රේමරත්න, අරුණ අත්තනායක, අයෝධ්‍ය ප්‍රනාන්දු, රවින් මධුරංග, සුමිත් ඉලංගෝ, අනුශ්ක බණ්ඩාර, දසුන් විමුක්ති ඇතුළු රංගන ශිල්පීන් විශාල පිරිසක් මේ සඳහා දායකව ඇත.