වර්ෂ 2023 ක්වූ October 04 වැනිදා Wednesday
සුපිරි නළු ශාරුක් රඟන ‘ජවාන්’

ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන් ද්විත්ව චරිත රඟපාන ජවාන් චිත්‍රපටය පසුගියදා ලෝක ප්‍රදර්ශනය ඇරැඹිණ. එහි ලාංකික මංගල දර්ශනය පසුගිය දින වැල්ලවත්ත savoy 3d cinema ශාලාවේදි පැවැත්විණි. අලිරාජා සුබාස්කරන් හිමිකාරත්වය දරන ලයිකා Production සිනමා සමාගම මඟින් ආනයනය කරන ලද ජවාන් සිනමා පටය EAP සිනමා මණ්ඩලයේ බෙදා හැරීමකි. දෙමළ සහ හින්දි භාෂා ද්විත්වයෙන් දිවයින පුරා EAP මණ්ඩලය ඇතුළු සිනමාහල් 55ක අතිසාර්ථක ලෙස ආදායම් වාර්තා බිදහෙළමින් ප්‍රදර්ශනය වේ. මේ සඳහා ලාංකික රංගන ශිල්පීන් ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගී වූහ. ජවාන් සිනමාපටය Atleeගේ අධ්‍යක්ෂණයක් වන අතර Red chillies Entertainment වෙනුවෙන් ශාරුක් ඛාන්ගෙ බිරිඳ ගෞරි ඛාන් නිෂ්පාදනය කරයි. තිර රචනය Ramanagirivasan, සංගීත අධ්‍යක්ෂණය අනිරුද් රවිචන්ද්රර්ගෙනි. ශාරුක් ඛාන්, නයන්තාරා, දීපිකා පදුකෝන්, විජේ සේදුපති හා සංජය දත් සමඟ රංගන ශිල්පීහු රැසක් රංගනයෙන් එක්වෙති. සිනමාපටය ලංකාවේ තිරගත වන ඊ.ඒ.පී මණ්ඩලයේ මාධ්‍ය සම්බන්ධීකරණය උපුල් නිශාන්තගෙනි.